
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මෙරටට පැනවූ බදු සහ අමෙරිකාවට ගොස් සිටින මෙරට නියෝජිතයන් අතර සිදුකෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, ආනයන සඳහා පැනවූ බදු සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව රටවල් 17 ක් ලබන සතියේ අමෙරිකාව සමග ගිවිසුම් ගතවීමට සූදානමින් සිටින බවයි.
එම රටවල් අතර කැනඩාව, වියට්නාමය, ජපානය, දකුණු කොරියාව සහ ඉන්දියාව ඇතුළු වන බව ද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
ඒ අනුව ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡා තුළ මෙරට නියෝජිතයන් සාකච්ඡා පවත්වන්නේ අමෙරිකානු පාර්ශවයේ කවුරුන් සමග ද යන්න මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේය.
කෙසේවෙතත් මේ සඳහා පිළිතුරු වශයෙන් ආණ්ඩු පක්ෂයෙන් පැහැදිළි පිළිතුරක් නොලැබුණු අතර අමෙරිකාවේ බදු සම්බන්ධයෙන් සහ සිදුකෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් සියලු ගැටළුවලට පිළිතුරු ඊට අදාළ විවාදයේදී ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart