
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින දැඩි සීතල කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ(23) අලුයම එහි බිම් මට්ටමේ උෂ්ණත්වය (Ground Temperature) -12 c අගයක් දක්වා පහත බැස තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව නුවරඑළියේ වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් ලෙස සටහන් වුවද, බිම් මට්ටමේ උෂ්ණත්වය ඊට වඩා බොහෝසෙයින් අඩුවීම හේතුවෙන් ග්‍රෙගරි වැව පරිශ්‍රය, තුරග තරග පිටියේ, ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ වික්ටෝරියා උද්‍යානය වැනි විවෘත ස්ථානවල මල් තුහිණ (Frost) පතිත වී ඇති අයුරු දැකගත හැකිවිය.
මෙම හදිසි උෂ්ණත්ව පහත වැටීම සහ මල් තුහිණ පතිත වීම හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
විශේෂයෙන්ම මෙම තත්ත්වය එළවළු සහ තේ වගාවන්ට අහිතකර ලෙස බලපාන අතර, අර්තාපල් වැනි භෝග සහ දලු නෙළන අවධියේ පවතින තේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබේ.
කෙසේ වෙතත්, මෙම අසාමාන්‍ය කාලගුණික අත්දැකීම විඳගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් ද මේ දිනවල නිරීක්ෂණය කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart