
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සංජය සමරසිංහ නමැත්තා ඊයේ (19) රාත්රියේ එම කොමිසමේ අත්අඩංගුවට පත්විය.
සැකකරු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරකට අනුව ඉකුත් සෙනසුරාදා මධ්යම රාත්රී 12ට පමණ එහි විමර්ශන නිලධාරින් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි නිවසක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබිණි.
පසුව අනාවරණ වූයේ එම නිවසේ හිමිකරු සංජය සමරසිංහ නමැත්තෙකු බවයි.
ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියි.
ඔහු සම්බන්ධයෙන් එම කොමිසම සතුව ඇති ලිපිගොනුවකට අදාළව මෙම සෝදිසි මෙහෙයුම දියත් කළ බව අල්ලස් කොමිසම පැවසුවේය.
එහිදී පැය 4කට ආසන්න කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව නිවසේ තිබී සේප්පුවක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇත.
අනතුරුව පසුදින උදෑසන අල්ලස් කොමිසමට ගොස් ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු එම කොමිසමෙන් පිටවගොස් තිබිණි.
මෙවන් පසුබිමක සංජය සමරසිංහ ඊයේත් ප්රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයකු ද සමඟ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිට ඇත.
එහිදී ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart