
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දූත පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළත් වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විරෝධය පළ කර තිබේ.
රජයේ ඇමැතිවරුන් හෝ නිලධාරීන් නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් කර ගත්තේ කුමක් නිසාදැයි ප්‍රේමදාස මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර ඇත.
විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ, රට ආර්ථීක අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක මෙම දූත පිරිස රැගෙන යාම අනුමත කළ නොහැකි බවයි.
“මේ නියෝජිත පිරිස ගැන පක්ෂ නායකයන් දැනුවත් කළේ නැහැ. රට බංකොලොත් වීමට හේතුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ද නියෝජිත පිරිසේ නිලධාරීන් අතර වනවා. ඔවුන් ගමන් බිමන් යන්නේ ජනතාවගේ මුදලින්.” බව විපක්ෂනායකවරයා මෙහිදී පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart