
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දක්ෂ දරුවකු ලෙස වයස අවුරුදු 12 දී විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලැබූ තරුණයකු මේ වන විට බ්‍රිතාන්‍යයේ ආචාර්ය උපාධියක් ලබාගත් ළාබාලම පුද්ගලයා බවට පත්ව සිටී.
යෂා ඇස්ලි නම් ඔහු මේ මස මුලදී ලෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේ වයස අවුරුදු 21 දීය.
ඔහු අභිබවා ගොස් ඇත්තේ තාරකා භෞතික විද්‍යාඥයකු විසින් වයස අවුරුදු 22 දී ලබාගත් ආචාර්ය උපාධියකි.
ඒ අනුව ආචාර්ය උපාධිය ලබාගත් බ්‍රිතාන්‍යයේ ළාබාලම පුද්ගලයා යෂා ඇස්ලි බව විශ්වාස කෙරේ.
ලෙස්ටර්හි යෂා, සිය නව යොවුන් වියට පෙරම ප්‍රාදේශීය විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ගත්තේය.
ගණකාධිකාරීවරයකු ලෙස රැකියාව කළ ඔහුගේ පියා වන 61හැවිරිදි මවුස්සා ඇස්ලි, රැකියාවෙන් ඉවත්වී තිබුණේ තම පුතාට උපකාර කිරීම සඳහායි.
යෂා වරක් “මානව කැල්කියුලේටරය” ලෙස ද නම් කර සිටියේය.
ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු යෂා පැවසුවේ “මෙම ජයග්‍රහණය ලබා ගැනීම පුදුම සහගතයි. මේ ගැන මම ඉතා සතුටු වන අතර මේ සඳහා උපකාර කළ මගේ සියලුම ආචාර්යවරුන්ට ස්තූති කිරීමට කැමතියි.” යනුවෙනි.
මවුස්සා පවසන්නේ තම පුතාගේ නවතම දස්කම ගැන ඔහු පුදුම නොවන නමුත් ඔහු වසර දෙක තුනකට පෙර මෙය අවසන් කරනු ඇතැයි අපේක්ෂා කළ බවයි.
“කොවිඩ් නොතිබුණේ නම් මම හිතන්නේ ඔහු බොහෝ කලකට පෙර එය අවසන් කරනන ඉඩ තිබුණා, නමුත් මේ ගැන මම ඉතා සතුටින් ඉන්නේ.” යැයි ඔහු පැවසීය.
යෂා වයස අවුරුදු නවයේදී ඔහුගේ මුලික අධ්‍යාපනය සහ උසස්පෙළ යන දෙකම හදාරා ඇති අතර ඔහුට ප්‍රංශ සහ පර්සියානු භාෂා චතුර ලෙස හැසිරවිය හැකිය.
1979දී ඉරානයේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි මවුස්සා මෙසේ පැවසීය: “මම විශ්වවිද්‍යාලයට ගොස් ශිෂ්‍ය ගාස්තු නිදහස් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා, මට කලින් ගාස්තු ගෙවීමට නොහැකි වූ නිසා, මම මගේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා වෙත පවා ගියා.”
කෙසේවෙතත් අවසානයේ ඔහුට ශිෂ්‍ය ණයක් ලැබී තිබේ.
යෂා පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමට සමත් වන්නේ වයස අවුරුදු 15 දීය.
තවද ඔහුට වයස අවුරුදු 13 දී ඔහුට විශ්වවිද්‍යාලයෙන් වැටුප් සහිත රැකියාවක් ලබා දෙන ලදී.
ඔහු බ්‍රිතාන්‍යයේ දැනට සිටින ළාබාලතම ආචාර්ය උපාධිධාරියා යැයි සැළකුණ ද එම ජයග්‍රහණය අත්කරගත් ළාබාලතම පුද්ගලයා නොවේ.
ෆාහ්මා මොහොමඩ් 2016 දී වයස අවුරුදු 19කව සිටියදී ස්ත්‍රී ලිංගික ඡේදනය පිළිබඳ ප්‍රචාරක කටයුතු සඳහා ආචාර්ය උපාධියක් ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart