
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිගම වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පොලිසිය ඇතුළු පළාත් පාලන ආයතන පියවර ගනිමින් තිබේ.
ඉවත් කරන ලද හෝ කඩාදැමූ බොහෝ අනවසර ඉදිකිරීම් අතර සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන්නන් සඳහා සේවා සැපයීම වෙනුවෙන් ස්ථාපිත ආයතන විසින් ඉදිකරන ලද තාවකාලික ඉදිකිරීම් බව වාර්තා වේ.
කෙසේවෙතත් සර්ෆින් ක්‍රීඩාව සඳහා වන උපදේශකවරුන්ගේ ප්‍රජාවේ සාමාජිකයකු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ මෙම තාවකාලික ඉදිකිරීම් එම උපදේශකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට සහ සංවර්ධනය කිරීමට මෙන්ම ක්‍රීඩාවේ යෙදෙන්නන්ට උපකාර කිරීම සඳහා නිර්මාණය කර තිබූ බවයි.
පසුගිය වසර 15ක් හෝ ඊට වැඩි කාලයක සිට ඔවුන් මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටි බවත්, පසුගිය සෑම පාලනයක් යටතේම එම ව්‍යාපාර කටයුතු සිදුකිරීමට හැකිව තිබූ බවත්, වැලිගම මුහුදු ප්‍රදේශය සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතරම විශේෂයෙන්ම විදේශිකයන් වැලිගමට පැමිණෙන්නේ සර්ෆින් සඳහා පමණක් බවත් ඔහු පැවසීය.
එබැවින් මෙම කටයුතු හේතුවෙන් සර්ෆින් ක්‍රීඩාව සඳහා සේවා සපයන පිරිස් වෙත එල්ල වී ඇති බලපෑම පිළිබඳව පෙන්වා දුන් ඔහු, ඉදිරියේදී ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට විසඳුමක් ලබාදෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart