May 8, 2024

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගමට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව ඊයේ(7) තීරණය කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල වෙල්ගම මන්ත්‍රීවරයාට මාස තුනක නිවාඩුවක් ලබාදෙන්නැයි සදහන් යෝජනාව පාර්ලිමේන්තවට ඉදිරිපත් කළේය.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරය අසනීප තත්වයේ පසුවන හෙයින් ඔහුට මෙසේ නිවාඩුවක් ලබාදීම අනුමත කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.