
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටී- 56 වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල සහ රිවෝල්වර තුනක්, විවිධ වර්ගයේ පතොරම් රැසක් ඇතුළු තියුණු ආයුධ සමඟ මිනුවන්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂක නිලධාරියකුව සිටි, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන්තොටුපළ ශාඛාවේ හිටපු සභාපති චන්දිම සිල්වා ජයරත්න නොහොත් ගැස්මා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සඳහන් කළේය.
මිනුවන්ගොඩ රෝහල අසල මුදලි මාවතේ 01 වැනි පටුමගේ පිහිටි සැකකරුගේ නිවෙස පසුගිය 15 වැනිදා පරීක්ෂා කර මෙම ගිනිඅවි සහ පතොරම් ඇතුළු තියුණු ආයුධ සොයාගෙන තිබේ.
විදේශීය රටක නිෂ්පාදිත අංක 52115 අංකය දරන LUGER වර්ගයේ ගිනිඅවියක්, විදේශීය රටක නිෂ්පාදිත 38 වර්ගයේ රිවෝල්වරයක්, CAPTAIN ලෙස කොටා ඇති පිස්තෝලයක්, ටී 56 වර්ගයේ අවිවලට යොදන පතොරම් ගැබක්, ටී 56 වර්ගයේ පතොරම් 14ක්, ටී 56 වර්ගයේ හිස් පතොරම් කොපු 01ක්, මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 06ක්, මිලි මීටර් 09 වර්ගයේ පිටුපස හැමර් කොටස වැදී ඇති උණ්ඩයක්, 32 වර්ගයේ උණ්ඩ 02ක්, 22 වර්ගයේ පතොරම් ගැබ් 01ක්, 22 වර්ගයේ උණ්ඩ 09ක්, කඩු 01ක්, කිණිසි 01ක් සහ තහනම් පිහි 02ක් නිවෙසේ තිබී සොයාගත් බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ගිනිඅවි කුලියට ලබාදී ඇති බවට සැකයක් ද පවතී.
ගිනිඅවි පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි වන බෑගයක දමා තිබී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම අවි තමන්ට ලැබුණේ හීනටියන අසිත නැමැති පාතාලයේ අපරාධකරුගෙන් බව ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත.
හීනටියන අසිත නැමැත්තා පාතාලයේ ප්‍රබලයෙකි.
මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත ප්‍රදේශ හොල්ලාගෙන සිටි එම පාතාලයේ ප්‍රබලයා මීගමුව බන්ධනාගාරයේදී ප්‍රතිවිරුද්ධ පාතාල අපරාධකරුවෙක් විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් 2005 වසරේදී හෝ ඒ ආසන්න කාලයේදී ඝාතනය විය.
ඔහු ඝාතනය වනවිටත් වසර දෙකක පමණ කාලයක් බන්ධනාගාරගතව සිට ඇත.
මෙම ගිනිඅවි හීනටියන අසිතට අයත් ගිනිඅවි නම් ඔහු ඝාතනය වී මේ වන විට වසර 20ක පමණ කාලයක් ගතවී ඇතත් මෙතෙක් කාලයක් මේවා නිවෙසේ සඟවා ගෙන සිටියේ ඇයිදැයි පොලීසිය සැකකරුගෙන් ප්‍රශ්න කර ඇත.
ඊට ඔහුට නිසි පිළිතුරක් ලබාදීමට ද නොහැකි වී ඇත.
එබැවින් මෙම අවි ඔහුට ලද ආකාරය ගැන කරුණු අනාවරණය කරගැනීමට දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.
අවුරුදු 45ක් පමණ වයසැති මෙම සැකකාර ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරියා ගිනිඅවි සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති අයෙක් බව පොලීසිය සැකකරයි.
හමුවූ සියලුම ගිනිඅවි ඔයිල් කර තිබී ඇත.
මෙම අවි අපරාධ සඳහා යොදාගෙන තිබේදැයි දැනගැනීමට රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කරයි.
ඒ ඔස්සේ පසුගිය කාලයේ සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතනවලට මෙම අවි යොදාගෙන තිබේදැයි දැනඑගැනීමට හැකි වනු ඇති බව පොලීසිය පවසයි.
මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී.එස්.ප්‍රියදර්ශනට ලද තොරතුරක් මත මෙම වැටළීම සිදුකෙරිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart