August 18, 2025

ටී- 56 වර්ගයේ ගිනි­අ­වි­යක්, පිස්තෝල සහ රිවෝ­ල්වර තුනක්, විවිධ වර්ගයේ පතො­රම් රැසක් ඇතුළු තියුණු ආයුධ සමඟ මිනු­ව­න්ගොඩ පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගත් කටු­නා­යක ගුවන් තොටු­පළේ ආර­ක්ෂක නිල­ධා­රි­ය­කුව සිටි, ශ්‍රී ලංකා නිද­හස් සේවක සංග­මයේ ගුව­න්තො­ටු­පළ ශාඛාවේ හිටපු සභා­පති චන්දිම සිල්වා ජය­රත්න නොහොත් ගැස්මා ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනතේ විධි­වි­ධා­න­යන්ට අනුව දින 90ක රැඳ­වුම් නියෝග මත රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වන බව බස්නා­හිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සංජීව ධර්ම­රත්න සඳ­හන් කළේය.

මිනු­ව­න්ගොඩ රෝහල අසල මුදලි මාවතේ 01 වැනි පටු­මගේ පිහිටි සැක­ක­රුගේ නිවෙස පසු­ගිය 15 වැනිදා පරීක්ෂා කර මෙම ගිනි­අවි සහ පතො­රම් ඇතුළු තියුණු ආයුධ සොයා­ගෙන තිබේ.

විදේ­ශීය රටක නිෂ්පා­දිත අංක 52115 අංකය දරන LUGER වර්ගයේ ගිනි­අ­වි­යක්, විදේ­ශීය රටක නිෂ්පා­දිත 38 වර්ගයේ රිවෝ­ල්ව­ර­යක්, CAPTAIN ලෙස කොටා ඇති පිස්තෝ­ල­යක්, ටී 56 වර්ගයේ අවි­ව­ලට යොදන පතො­රම් ගැබක්, ටී 56 වර්ගයේ පතො­රම් 14ක්, ටී 56 වර්ගයේ හිස් පතො­රම් කොපු 01ක්, මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 06ක්, මිලි මීටර් 09 වර්ගයේ පිටු­පස හැමර් කොටස වැදී ඇති උණ්ඩ­යක්, 32 වර්ගයේ උණ්ඩ 02ක්, 22 වර්ගයේ පතො­රම් ගැබ් 01ක්, 22 වර්ගයේ උණ්ඩ 09ක්, කඩු 01ක්, කිණිසි 01ක් සහ තහ­නම් පිහි 02ක් නිවෙසේ තිබී සොයා­ගත් බව මිනු­ව­න්ගොඩ පොලී­සිය සඳ­හන් කරයි.

මෙම සැක­කරු සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි­ව­ලට ගිනි­අවි කුලි­යට ලබාදී ඇති බවට සැක­යක් ද පවතී.

ගිනි­අවි පහ­සු­වෙන් ප්‍රවා­හ­නය කිරී­මට හැකි වන බෑග­යක දමා තිබී ඇති බව පොලී­සිය සඳ­හන් කරයි.

මෙම අවි තමන්ට ලැබුණේ හීන­ටි­යන අසිත නැමැති පාතා­ලයේ අප­රා­ධ­ක­රු­ගෙන් බව ප්‍රශ්න කිරී­මේදී සැක­කරු පවසා ඇත.

හීන­ටි­යන අසිත නැමැත්තා පාතා­ලයේ ප්‍රබ­ල­යෙකි.

මිනු­ව­න්ගොඩ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ හොල්ලා­ගෙන සිටි එම පාතා­ලයේ ප්‍රබ­ලයා මීග­මුව බන්ධ­නා­ගා­ර­යේදී ප්‍රති­වි­රුද්ධ පාතාල අප­රා­ධ­ක­රු­වෙක් විසින් එල්ලකළ වෙඩි ප්‍රහා­ර­ය­කින් 2005 වස­රේදී හෝ ඒ ආසන්න කාල­යේදී ඝාත­නය විය.

ඔහු ඝාත­නය වන­වි­ටත් වසර දෙකක පමණ කාල­යක් බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇත.

මෙම ගිනි­අවි හීන­ටි­යන අසි­තට අයත් ගිනි­අවි නම් ඔහු ඝාත­නය වී මේ වන විට වසර 20ක පමණ කාල­යක් ගතවී ඇතත් මෙතෙක් කාල­යක් මේවා නිවෙසේ සඟවා ගෙන සිටියේ ඇයි­දැයි පොලී­සිය සැක­ක­රු­ගෙන් ප්‍රශ්න කර ඇත.

ඊට ඔහුට නිසි පිළි­තු­රක් ලබා­දී­මට ද නොහැකි වී ඇත.

එබැ­වින් මෙම අවි ඔහුට ලද ආකා­රය ගැන කරුණු අනා­ව­ර­ණය කර­ගැ­නී­මට‌ දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලී­සිය සඳ­හන් කළේය.

අවු­රුදු 45ක් පමණ වය­සැති මෙම සැක­කාර ගුව­න්තො­ටු­පළ ආර­ක්ෂක නිල­ධා­රියා ගිනි­අවි සම්බ­න්ධ­යෙන් යම් දැනු­මක් ඇති අයෙක් බව පොලී­සිය සැක­ක­රයි.

හමුවූ සිය­ලුම ගිනි­අවි ඔයිල් කර තිබී ඇත.

මෙම අවි අප­රාධ සඳහා යොදා­ගෙන තිබේ­දැයි දැන­ගැ­නී­මට රජයේ රස පරී­ක්ෂක වෙත ඉදි­රි­පත් කරන බව පොලී­සිය සඳ­හන් කරයි.

ඒ ඔස්සේ පසු­ගිය කාලයේ සිදුවූ වෙඩි තැබීම් සහ ඝාත­න­ව­ලට මෙම අවි යොදා­ගෙන තිබේ­දැයි දැන­එ­ගැ­නී­මට හැකි වනු ඇති බව පොලී­සිය පව­සයි.

මිනු­ව­න්ගොඩ පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ජී.ජී.එස්.ප්‍රිය­ද­ර්ශනට ලද තොර­තු­රක් මත මෙම වැටළීම සිදුකෙරිණි.(දිනමිණ)