
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර, ගොලුවාවිලවත්ත, කොස්පැලවින්න ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්ව සිට හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බවට සැක කරන 73 හැවිරිදි නීතිඥවරයෙකුගේ නිවසේ මෙරට හා විදේශ රටවල නිෂ්පාදිත බවට සැකකරන ගිනිඅවි රැසක් සොයාගැනීමට රත්නපුර පොලිසියේ නිලධාරීන්ට හැකිව ඇත.
රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මේ සම්බන්ධව ලැබී තිබූ තොරතුරක් අනුව, එම තොරතුරු රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැන්වීමෙන් අනතුරුව 17 වන දා ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මෙම නීතිඥවරයා මියගොස් සිටි නිවසට යවා අදාළ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ ගිනි අවි, ගිනි අවි කොටස් හා ජීව පතරොම් රැසක් සොයාගෙන ඇත.
සොයා ගත් ගිනි අවි අතරින් මේ වන විට බෝර 12 කුවක්කුවක්, රිපීටර් වර්ගයේ තුවක්කුවක්, බෝර 12 ගිනි අවි මුල් කොටස් 6ක්, බැරල් 11ක්, කුඩා ගිනි අවි 2ක්, බෝර 12 හා 16 කුවක්කු සඳහා භාවිත කරන අලුත්ම උණ්ඩ 440ක් ඇතුළු ගිනි අවි රැසක් හා ගිනි අවි කිහිපයක කොටස් රැසක් හමු වී ඇති බව රත්නපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම ගිනි අවි යම් යම් අපරාධ සඳහා ලබාදුන්නා ද යන්න ගැනත් මෙම ගිනි අවිවලට අමතරව තවත් ගිනි අවි යම් යම් කණ්ඩායම්වලට ලබාදී ඇද්ද යන්න ගැනත්, මෙවැනි ගිනි අවි මුදලට විකුණා ඇද්ද යන්න පිළිබඳවත්, මෙම ගිනි අවි කිහිපයක් මෙරට නිෂ්පාදිත බවට සැකකරන බැවින් ඒවා මොහු විසින් හෝ වෙනත් කණ්ඩායමක් යොදවා නිෂ්පාදනය කළාද යන්න ගැනත් මේ වන විට පරීක්ෂණ සිදුකරමින් සිටින බවත් පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart