May 4, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රබල අපේක්ෂකයකු නම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ඊයේ කියා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය මෙතෙක් ඉල්ලා නොමැති බවයි.

මේ අතර මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති රාජපක්ෂ යළිත් අවධාරණය කළේ තම පුත් නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තව කල් තිබෙන අතර ඔහු ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි.

නම් කරන අපේක්ෂකයා තරුණ හෝ මැදි වයසේ හෝ කුමන වයසක පසුවුවත් තම පක්ෂය ජනාධිපතිවරණයට නම් කරන්නේ දිනන අපේක්ෂකයකු බව ඔහු ප්‍රකාශ කළේය.

නාමල් ජනාධිපති අපේක්ෂකයා වනු ඇති තමා බලාපොරොත්තු නොවන බවත් එම තීරණය පක්ෂය සතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.