
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය වැටුප් සංශෝධන සඳහා රජයේ චක්‍රලේඛ කිසි විටෙකත් අදාළ වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
සෑම වසර තුනකටම වරක් මහ බැංකුවේ වැටුප් සංශෝධනය සිදු කෙරෙන්නේ වෘත්තීය සමිති සහ මහ බැංකුව අතර අත්සන් කරන ලද සාමූහික ගිවිසුම් මත බව ද මහ බැංකුව කියයි.
පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යංශය නිර්දේශ කර තිබියදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් හා දීමනා ඉහළ නංවාගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව එහි වෘත්තීය සමිති සමග සාකච්ඡා කර පසුගියදා නව සාමූහික ගිවිසුම් අත්සන් කර ඇත.
මහ බැංකුවේ දැනට පවතින වැටුප් ව්‍යුහය සැළකිල්ලට ගනිමින් මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් සෑම විටම මහ බැංකු පාලක මණ්ඩලය විසින් තීරණය කරන බවද, මහ බැංකුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart