
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්‍ෂ දේශපාලනඥයන් කියන පරිදි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දෙන ආහාර අනුභව නොකරන බවත් රජයේ වාහන ලබා නොගන්නා බවත් ජාතික ජන බලවේගය කිසිවිටෙක ප්‍රකාශ නොකළ බව සභානායක හා ඇමැති බිමල් රත්නායක පවසයි.
2000 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිට ඔවුන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ ලබාදෙන ආහාර වේල සාමාන්‍ය වෙළෙඳපොළ මිලට ලබාදිය යුතු බව යැයි ඔහු ජනමාධ්‍යවේදීන් අමතමින් පවසා තිබිණි.
“ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කෑම අරගන්නේ නැහැ , වාහන ගන්නේ නැහැ කිව්වා කියලා සමහරු දැන් කියන්න හදනවා. අපි කවදාවත් එහෙම කියලා නැහැ. අපි 2000 දී පාර්ලිමේන්තුවට එනකොට පාර්ලිමේන්තුවේ කෑම දුන්නේ රුපියල් 15ට. අපි තමයි කිව්වේ පාර්ලිමේන්තුවේ කෑම වේල සාමාන්‍ය වෙළෙඳපොළ මිලට දිය යුතුයි කියලා. අපි 2004ත් 2005 දීත් මිල වැඩි කරන ලෙස ඉල්ලා සිටියා.
මන්ත්‍රීවරුන්ට පිටින් කෑම ගෙනැවිත් වැඩ කිරීමට හැකියාවක් නොමැති බව පැවසූ ඇමැතිවරයා, ලෝකයේ සියලුම පාර්ලිමේන්තුවල මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ආහාර ලබාදෙන බව පැවසීය.
“අපි කියන්නේ ජනතාවට බරක් නොවන පරිදි සාමාන්‍ය මිලට ආහාර ලබාදිය යුතු බව” යැයි ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart