
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වනිඳු හසරංග ප්‍රමුඛ ප්‍රධාන පන්දු යවන්නන් අබාධයකට ලක්ව සිටියද පීඩනය ඔස්සේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තුල ජයග්‍රහණය කිරීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.
ආසියානු කුසලාන එක්දින තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ ජනමාධ්‍ය හමුවට මහනුවර පල්ලේකැලේ දි එක්වෙමින් දසුන් ශානක කියාසිටියේ පීඩනය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙරද හොදින් දක්ෂතා පෙන්නුම් කර ඇති බවය.
වනිඳු හසරංග ද මීට පෙර අබාධයන්ට ලක්වූ අවස්ථා වල කණ්ඩායමක් ලෙස ජයග්‍රහණ ලබාගැනීමට සමත්ව තිබෙන බවද දසුන් එහිදී සඳහන් කළේය.
කෙසේ වෙතත්, පීඩනය හමුවේ ක්‍රීඩාකළ හැකි ක්‍රීඩකයන් තරගාවලියට එක්ව සිටින බවද දසුන් ශානක එහිදි පෙන්වාදුන්නේය.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ෂකීබ් අල් හසන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් පිළිබඳව අවබෝධයක් ලබාගත්තේද යන්න ජනමාධ්‍යවේදියකු එහිදී දසුන්ගෙන් ප්‍රශ්න කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ඊට අවස්ථාවක් නොතිබුණු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart