
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වර්ෂාවත් සමඟ සමනලවැව ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් කාන්දු වන ස්ථාන වසාදැමීමට බාධා මතුව තිබෙන බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ, එහි ජල මට්ටම මේ වනවිට එහි සම්පූර්ණ ධාරිතාවෙන් 10% දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය කාලයේ වියළි කාලගුණයත් සමඟ ජලාශයේ ජල මට්ටම 0.9% දක්වා පහත වැටිණි.
එම කාලය තුළ ජලාශයේ ජල කාන්දුවීම් 09ක් විදුලි ඉංජිනේරුවන් විසින් සොයාගන්නා ලදී.
ඒවා පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණද ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ඊට බාධා එල්ල වී ඇත.
මේ අතර වර්ෂාවත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 31% දක්වා ඉහළ ගොස් තිබේ.
දෛනික විදුලි නිෂ්පාදනයෙන් 19%ක් ජල විදුලියෙන් නිපදවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart