
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොළොන්නරු පුරාවිද්‍යා භූමියේ පරාක්‍රමබාහු රජුගේ රාජ මාළිගය තිබෙන ස්ථානය මේ දිනවල නරඹීමට සංචාරයන්ට අවස්ථා ලැබෙන්නේ නැත.
එයට හේතුව ලෙස පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කරන්නේ, පසුගිය දින කිහිපය තුළදි පරාක්‍රමබාහු රජුගේ රාජ මාළිගය තිබෙන ස්ථානයේ විශාල ගසක බැඳ තිබෙන බඹර වද කිහිපයක් නිසා එහි බඹරුන් ඇවිස්සී පැමිණි සංචාරකයන්ට විඳීමට පටන් ගැනීමය.
මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වීම නිසා පරාක්‍රමබාහු රාජ මාලිගාව, රාජසභා මණ්ඩපය, කුමාර පොකුණ යන ප්‍රධාන ස්ථාන තුනක් දින හතරක් තිස්සේ නරඹීමට අවස්ථාව නොලැබී, පොළොන්නරුවට පැමිණෙන විදේශීය සහ දේශීය සංචාරකයෝ ගැටලුකාරී තත්වයකට පත්ව සිටිති.
සංචාරක මගපෙන්වන්නන් සඳහන් කරන්නේ, පොළොන්නරුව කෞතුකාගාරය අසල තිබෙන ප්‍රවේශපත්‍ර අලවිසැලින් රුපියල් 9270ක මුදලක් එනම් ඩොලර් 30ක් ගෙවා පුරාවිද්‍යා භූමියට ඇතුළුවීමට ටිකට්පත ලබාගන්නා සංචාරකයාට මුලින්ම නැරඹීමට තිබෙන ස්ථාන වන්නේ, මෙසේ දැන් වසා දමා තිබෙන පරාක්‍රමබාහු රජගේ මාළිගය, රාජසභා මණ්ඩපය සහ කුමාර පොකුණ යන ස්ථාන බවයි.
විදේශීය සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ, රටේදී නැරඹීමට අවශ්‍ය සිද්ධස්ථාන සටහන් කර ගනිමින්ය.
එහෙත් මෙරටට පැමිණ ඩොලර් තිහක ටිකට්පතක් රැගෙන රථමයෙන් බලන්න තිබෙන ස්ථාන තුනක් නැරඹීමට අවස්ථා ලබා නොදීම නිසා ඔවුන් දැඩි විවේචනාත්මකව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන කතා කරන බවයි සංචාරක මඟපෙන්වන්නෝ පවසති.
දින හතරක් වැනි කාලයක් තිස්සේ මෙම ස්ථාන වසාදැමීම නිසා දිනකට පොළොන්නරුවට පැමිණෙන දහසකට අධික සංචාරකයන්ට එම ස්ථාන නැරඹියට නොහැකිව ඔවුන් දැඩිව අසීරුතාවයට පත්ව සිටින බව සංචාරක මඟ පෙන්වන්නෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart