
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ සිරුපිට්ටි ප්‍රදේශයේ පුද්ගලයකු බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට 6 දා රාත්‍රී ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
නවරත්නම් කේතීස්වරන් නමැති 34 හැවිරිදි මෙම පුද්ගලයා සිය වාහනයේ ඉදිරිපස අසුනේ හාන්සි වී සිටියදී වාහනය තුළට බඹරුන් කීපදෙනෙකු පැමිණ දෂ්ට කර ඇත.
එහිදී ඔහු දැඩි වේදනාවකට පත්ව මිතුරකු කැඳවා ඔහුට සිද්ධිය ගැන ප්‍රකාශ කිරීමෙන් පසුව මිතුරා ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහු රෝහල්ගත කොට පැය දෙකකට පමණ පසුව මියගොස් ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයක් යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්රේන්කුමාර් විසින් සිදු කිරීමට නියමිතව තිබිණි.
යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart