August 21, 2025

හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට වරෙන්තු නිකුත්කර ඇත.

ඇය ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින්නීය.

අදාළ නඩු විභාගය සඳහා පෙනීනොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඩයනා ගමගේ අධිකරණය පෙනීනොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කිරීම සිදුකෙරිණි.

විත්තිකාර ඩයනා ගමගේගේ ඇපකරුවන්ටත් නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කෙරිණි.