
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලක්විජය (නොරොච්චෝලේ) බලාගාරයේ බාල ආනයනික ගල්අඟුරු අඛණ්ඩව භාවිත කිරීම එහි ජනක යන්ත්‍රවලට සහ බොයිලේරුවලට දැඩි ලෙස හානිකළ හැකි බවත්, එය රටේ විදුලි සැපයුමට බරපතල තර්ජනයක් විය හැකි බවත් බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව අනතුරු අඟවයි.
ජනමාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ, කළින් ආනයනය කරන ලද ගල් අඟුරු තවමත් බලාගාරයේ භාවිත කරන අතර, පවතින තොග අවසන් වන බැවින් මාර්තු 1 වැනි දින සිට අලුතින් ආනයනය කරන ලද ගල්අඟුරු වෙත සම්පූර්ණයෙන්ම මාරුවීමක් අවශ්‍ය වනු ඇති බවයි.
නව ගල්අඟුරුවල හානිකර සංයුතිය අඛණ්ඩව භාවිත කළහොත් බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට දිගු කාලීන හා පුළුල් හානියක් සිදුවිය හැකි බවට ආචාර්ය රලපනාව අනතුරු අඟවයි.
“දකුණු අප්‍රිකාවෙන් ගෙන එන ලද ගල්අඟුරු දැනට පැය 10 සිට 16 දක්වා සීමිත කාලයක් සඳහා පමණක් භාවිත කරනවා. මන්ද පෙර තොග තවමත් තිබෙනවා. කෙසේවෙතත්, මාර්තු පළමුවැනිදාන් පසු එම තොග අවසන් වූ පසු, නිලධාරීන්ට සම්පූර්ණයෙන්ම නව ගල්අඟුරු මත විශ්වාසය තැබීමට සිදුවෙනවා. විශාලතම කනස්සල්ල වන්නේ මෙම බාල ගල්අඟුරු පැය විසිහතර පුරාම භාවිතා කළහොත් යන්ත්‍රවලට සිදුවිය හැකි හානියයි” ඔහු පැහැදිලි කළේය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, බාල ගල්අඟුරු දීර්ඝ කාලයක් භාවිත කිරීමෙන් නොරොච්චෝලේ බොයිලේරු සහ ජනක යන්ත්‍රවලට බරපතල හානි සිදුවිය හැකි බවයි.
පවතින වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ජල විදුලිබල උත්පාදනය දැනටමත් සීමා වී ඇති හෙයින්, ජනන ඒකක දෙකක හෝ තුනක බිඳවැටීමක් සමස්ත ජාතික විදුලිබල පද්ධතියම අස්ථාවර වියහැකි බවද ඔහු පෙන්වාදෙයි.
“එවැනි තත්වයක් ඇති වුවහොත්, රටේ බලශක්ති ආරක්ෂාව බරපතල අවදානමකට ලක්වෙනවා. දරාගත නොහැකි මට්ටම් දක්වා විදුලි ගාස්තු වැඩිකිරීමට බලධාරීන්ට ද සිදුවිය හැකියි” ඔහු අනතුරු අඟවයි..
ආචාර්ය රලපනාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, වහාම අදාළ ඉංජිනේරුවන්ගෙන් සහ බලශක්ති විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගෙන, නිසි තාක්ෂණික මගපෙන්වීමක් සහිතව, සිදුවිය හැකි හානි වැළැක්වීමට සහ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයක් වළක්වා ගැනීමට ව්‍යුහගත කළමනාකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart