
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායම් සංචාරක හෝටල් සහ අනෙකුත් පෞද්ගලික ආයතන අමතා, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින බවට ශ්‍රී ලංකා පොලිසියට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නම් භාවිත කරමින් විවිධ නිල උත්සව සඳහා ආහාර, අරමුදල් හෝ වෙනත් ආධාර ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම වංචනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, සංවිධානාත්මක කණ්ඩායම් විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් සහ තනතුරු අනිසි ලෙස භාවිත කරමින් සිදු කරනු ලබන එවැනි වංචාවන්ට නොරැවටෙන ලෙස සියලුම ආයතන සහ මහජනතාව වෙත පොලිසිය අනතුරු අඟවයි.
එවැනි සිදුවීම්වලට අදාළ ඕනෑම සැක සහිත ඇමතුම් හෝ තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 071 – 8591551 අංකයට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අමතා වාර්තා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart