September 18, 2025

වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි සමාගමේ ප්‍රමුඛතම ගෝලීය ප්‍රවාහ සේවාව වන HBO Max රුපවාහිනී සේවාව බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොංගෝලියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළුව ආසියා පැසිෆික් කලාපය පුරා නව වෙළඳපොළ වෙත සෘජුවම පාරිභෝගිකයන්ට දියත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව එම සමාගම නිවේදනය කර ඇත්තේ එම රටවල ප්‍රේක්ෂකයින්ට මෙම නවතම අත්දැකීම විඳගැනීමට අවකාශ සැලසෙනු ඇති බවයි.

HBO Max යනු HBO, Harry Potter, the DC Universe, Cartoon Network, Max Originals සහ හොඳම හොලිවුඩ් චිත්‍රපට මෙන්ම, Discovery, TLC, AFN, Food Network ඇතුළු නාලිකා රැසක අන්තර්ගතයන් රැසක් නැරඹිය හැකි ලොව ප්‍රමුඛ පෙළේ අවකාශයකි.

එමෙන්ම HBO Max ග්‍රාහකයන්ට Superman, Sinners සහ Final Destination Bloodlines වැනි ජනප්‍රිය හොලිවුඩ් නිර්මාණ මෙන්ම HBO සහ House of the Dragon, The Last of Us, The Penguin, සහ The Pitt වැනි Max Originals, The Paper and MobLand ඇතුළු නවතම කතා මාලාවන් මෙන්ම Adventure Time, We Bare Bears, Tom and Jerry and Looney Tunes සිට The Wonderfully Weird World of Gumball දක්වා පවුලේ ප්‍රියතම නිර්මාණ රස විඳීමට අවස්ථාව හිමිවේ.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 15 වැනිදා සිට ආසියානු පැසිෆික් කලාපීය රටවල ග්‍රාහකයන් රැසකට බාධාවකින් තොරව සුප්‍රකට HBO Max ස්ට්‍රීමින් සේවාව අත්විඳීමට අවස්ථාව උදාවනු ඇත.