
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු ‘වැග්නර්’ කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානියා රුසියානු රජයේ හමුදාවන්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කර ඇත.
‘වැග්නර්’ කුලී හේවා කණ්ඩායම යනු රුසියාව වෙනුවෙන් යුක්‍රේනයේ සටන් වැදුණු නිල නොවන අතුරු හමුදාවකි. එම කණ්ඩායම යුක්රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන් ඉදිරි පෙළ සටන්වැදී ඇත.
මෙම අතුරු හමුදාව රුසියානු රජයට එරෙහිව “සන්නද්ධ කැරැල්ලක්” දියත් කර ඇති බවට ක්‍රෙම්ලිනය චෝදනා කර ඇත. එම චෝදනාවෙන් පය කිහිපයකට පසුව වැගනර් කණ්ඩායමේ නායක යෙව්ගිනි ප්‍රිගොසින් (Yevgeny Prigozhin) සඳහන් කර ඇත්තේ, රුසියාවේ මිලිටරි නායකත්වය පෙරලා දැමීම සඳහා සියලුම මාර්ග ගැනීමට තම කණ්ඩායම තීරණය කර ඇති බවයි.
තම වැග්නර් සටන්කාමීන් යුක්රේනයේ සිට රුසියාවට දේශසීමා හරහා පැමිණ රොස්තොව්-ඔන්-ඩොන් නගරයට ඇතුළු වූ බවද යෙව්ගිනි ප්‍රිගොසින් ප්‍රකාශ කර තිබේ.
තම මිනිසුන් ඔවුන්ට බාධා කරන ඕනෑම අයකු විනාශ කරන බවටද යෙව්ගිනි අනතුරු අඟවා ඇත. “සිවිල් රථ පෙළකට වෙඩි තැබූ” රුසියානු හමුදා හෙලිකොප්ටරයක් තම හමුදාව විසින් බිම හෙළූ බව යෙව්ගිනි කියාසිටී.
මෑත මාසවලදී රුසියාවේ හමුදා නායකත්වය පිළිබඳව යෙව්ගිනි විවේචන ඉදිරිපත් කිරීමත් සමඟ, යුක්රේන යුද්ධය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් රජය සමග ඔවුන්ගේ ගැටුම ආරම්භ විය.
වැග්නර් කණ්ඩායමේ මෙම දැවැන්ත පාවාදීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart