
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහනගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනිවර ඡන්ද විමසීම ලබන බදාදා (31දා) පැවැත්වීමට නියමිතය.
පසුගිය 18 වැනිදා කොළඹ මහනගර සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය නගරාධිපතිනි වායි කැලී බල්තසාර් විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එදින රාත්රී 10.00ට පමණ ඡන්ද විමසීම සිදුවිය.
එහිදී වැඩි ඡන්ද 03කින් අයවැය පරාජයට පත්වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 57 ක් ද, විපක්ෂව ඡන්ද 60 ක් ද ලැබී තිබීණි.
පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනිවර ඡන්ද විමසීම ලබන 31 වැනිදා පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart