
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාති වෝලිබෝල් තරග ඉතිහාසයේ පළමු වරට ඉරාන (පිරිමි) වෝලිබෝල් කණ්ඩායම පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා වෝලිබෝල් කණ්ඩායම සමත් විය.
ලෝක වෝලිබෝල් ශ්‍රේණිගත කිරීම් හි 15 වැනි ස්ථානයේ ඉරානය පසුවන අතර ශ්‍රී ලංකා වෝලිබෝල් කණ්ඩායම එහි 60 වැනි ස්ථානයේ පසුවන්නේය.
පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවැත්වෙන මධ්‍යම ආසියානු වෝලිබෝල් ලීග් තරගාවලියේ දි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉරාන වොලිබෝල් කණ්ඩායම වට 03ට බිංදුවක් ලෙස පරාජයට පත් කරන ලදී.
එම ජය හමුවේ ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ අවසන් තරගයට පිවිසිමේ අවස්ථාවක් හිමිව ඇති අතර ඒ අනුව අද තුර්කෙමිස්ථානයට එරෙහි පැවැත්වෙන තරගය ජයගත යුතුව තිබේ.
තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයද ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ජයගත් නමුත් පාකිස්ථානය සහ කිරිගිස්ථානය හමුවේ ශ්‍රී ලංකා වෝලිබෝල් පිල පරාජයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart