
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ කල්ලියේ න්යායාචාර්යවරයා ලෙස හැඳින්වෙන කොමාන්ඩෝ සලින්තට ටී 56 ජීව උණ්ඩ අලෙවි කළ බව කියන චෝදනාව යටතේ ගණේමුල්ල යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (18 වැනිදා) රාත්රී අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින කොමාන්ඩෝ සලින්ත ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී මෙම සැරයන්වරයා පිළිබඳ තොරතුරු හෙළිවී තිබිණි.
කොමාන්ඩෝ සලින්තගේ ඉල්ලීම මත සැකකාර කොමාන්ඩෝ බළකායේ සැරයන්වරයා අවස්ථා කිහිපයකදී ටී 56 ජීව උණ්ඩ පාතාල සාමාජිකයන්ට ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් සැකකාර සැරයන්වරයා ගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කරගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පාතාලයට ආයුධ අලෙවි කළ තවත් ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් පිළිබඳව ලැබුණු තොරතුරු මත විමර්ශන පවත්වාගෙන යන බවද පොලිසිය පවසයි.
කොමාන්ඩෝ සලින්තට ජීව උණ්ඩ සහ ආයුධ සැපයූ යුද හමුදා කොමාන්ඩෝ බළකායේ ලුතිනන් කර්නල්වරයකු මීට ඉහත දී අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර ලුතිනන් කර්නල්වරයා ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart