
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමුකර ඇති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඔවුන්ගේ පුනරුත්ථාපන කාලය අවසන් කිරීමෙන් පසු වෘත්තීය පුහුණුව ද ලබාදී රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳවාගැනීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, එවැනි පුද්ගලයන් සිය පුනරුත්ථාපන වැඩසටහන අවසන් කිරීමෙන් පසු නිවෙස් වෙත යොමුකළ ද ඔවුන් යළිත් මත්ද්‍රව්‍ය භාවිතය ආරම්භ කරන බව අනාවරණ වී ඇති බවයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත්, මෙම තත්ත්වයට මුහුණදීම සඳහා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඔවුන්ගේ පුනරුත්ථාපන වැඩසටහන අවසන් කිරීමෙන් පසු සමාජයට ඍජුව යොමුනොකර ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන යාන්ත්‍රණයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද ඔහු පැවසීය.
මෙම පියවර මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම මැඩපැවැත්වීමට උපකාරී වන අතර, අනෙක් අතට ඒවායේ සැපයුම් දාමය මැඩපැවැත්වීමට උපකාරී වනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart