
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාවක් වන INS මුම්බායි නෞකාව තෙදින සංචාරයක් සඳහා අද (2024 අගෝස්තු 26) කොළඹට පැමිණෙනු ඇත.
මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උත්සවාකාරයෙන් පිළිගැනීමට නියමිතය.
INS මුම්බායි නෞකාව දිල්ලි පන්තියේ destroyers යුධ නෞකා අතර තෙවැන්න වන අතර දේශීයව නිෂ්පාදනය කරන ලද එය 2001 ජනවාරි 22 වන දින එරට නාවික හමුදාවට එක් කරන ලදී.
මෙම නෞකාව මුම්බායි නගරයේ මැසගොන් ඩොක් ලිමිටඩ් හි නිෂ්පාදනය කර තිබේ.
නෞකාව 2023 දෙසැම්බර් 08 වන දින විසාකාපට්නම් හිදි නැගෙනහිර නාවික විධානය සමඟ එක්විය.
මෙය INS මුම්බායි නෞකාව විසින් ශ්‍රී ලංකාවේ වරායක් වෙත සිදුකරනු ලබන ප්‍රථම සංචාරය වන අතර, මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි අටවැනි නෞකාව වේ.
ඉන්දීය නාවික හමුදාවේ INS කබ්රා, කරන්ජ්, කමෝර්තා සහ ශල්කි නෞකාවන් මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සමර්ථ්, අභිනව් සහ සැෂේ නෞකාවන් ද මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.
INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය සඳහා අත්‍යාවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇත.
INS මුම්බායි නෞකාව 2024 අගෝස්තු 29 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart