
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර කොටු දොරටුව ආශ්‍රිතව සිදුකළ කැණීම්වලදී ලන්දේසි යුගයට අයත් බවට සැකකෙරෙන මාර්ගයේ කොටසක් ඇතුළු වැදගත් සාක්ෂී රැසක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් නිලාන් කුරේ අද (17) මාතර දී පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව මේ වන විට මාතර කොටුව ආශ්‍රිතව සිදුකරන කැණීම් කටයුතු නිරික්ෂණය කිරීම සදහා ඒ ඔහු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබිණි.
මෙම කැණීම් කටයුතු හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මාතර කොටු දොරකඩ සම්පූර්ණයෙන්ම වසාදමා තිබෙන අතර, ඒ සදහා ප්‍රවේශ මාර්ගය ලෙස වෙරළ පාර භාවිත කිරීමට ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙසේද කීය.
“මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කැණීම් සිදු කර පුරාවිද්‍යා වශයෙන් වැදගත් සාක්ෂී හදුනාගෙන සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් මේ දිනවල මාතර කොටුව ආශ්‍රිතව සිදු කරනවා.මාතර කොටු දොරකඩ අසල සිදුකළ කැණීම්වලදී ලන්දේසී අවධියේ තිබු බවට සැලකිය හැකි පොළොව මට්ටමේ කලුගල් මතු වී තිබෙනවා. දැනට පවතින තාර පොළොවට අඩි එකහමාරක් දෙකක් යටින් තමයි ලන්දේසී අවදියේ පාර පැවත තිබෙන්නේ. එය දැනට තියෙන මට්ටමට වඩා පහළින් තිබෙන නිසා සංරක්ෂණය කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. එහෙම වුණොත් පාර පාත්කර ගන්න සිදුවෙනවා. ඒ පිළිබඳව මාතර මහනගර සභාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන සමග අපි සාකච්ඡා පවත්වනවා.
මේ කැණීම් ආරම්භ කළා පමණයි.1700 ගණන් හෝ 1800 මුල් අවදියේ ලන්දේසී යුගයේ ලක්ෂණ බවට අපි දැනට විශ්වාස කරනවා. කොටුවක් කියන්නේ යුධමය වශයෙන් වැදගත් තැනක්. යුධ හමුදා කදවුර ආදිය මේ අසල පිහිටා තියෙන්න එයත් හේතුවක් වෙන්න පුලුවන්. ඉදිරියේ සිදුකරන කැණීම්වලදී වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගන්න පුලුවන් වේවි”.(අද)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart