
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රභූවරුන් සම්බන්ධයෙන් ගනු ලබන ආරක්ෂක පියවර පිළිබඳ තක්සේරුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ කමිටුවක් විසින් අවසන් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ, ඒ අනුව අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව තීරණය කර හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක අංශවල අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇති බවයි.
ඇතැම් ආරක්ෂක අධ්‍යක්ෂවරුන් අතිරේක පිරිස් ඉල්ලා ඇති බවත් කමිටුව විසින් ඉදිරිපත් කළ මූලික නිර්දේශ නැවත සළකා බැලීමට පෙළඹවීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය තවමත් ගෙන නොමැති අතර ඉදිරි සතිය තුළ නිගමනයකට එළඹීමට හා ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වෙත දැන්වීමට කටයුතු කරනු ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.
බුද්ධි අංශ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ප්‍රභූ ආරක්‍ෂක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව සිය අවසන් තීරණය ගනු ලබන්නේ බුද්ධි වාර්තා මත පදනම්ව බව වාර්තා වේ.
නියෝජ්‍ය පොලිස්පති තල්දූව සඳහන් කළේ ඒ අනුව අනුයුක්ත කෙරෙන නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳ නැවත දැනුම් දෙන බවයි.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රභූවරුන්ගේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනය කිරීම සඳහා සැප්තැම්බර් 30 වැනි දින විශේෂ රැස්වීමක් කැඳවා තිබිණි.
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවැති මෙම සාකච්ඡාව විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු නිලධාරීහු ඊට සහභාගි වූහ.
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ට අනුයුක්ත කර ඇති ආරක්ෂක නිලධාරීන් සහ ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා අඩු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එහිදී ඔවුන්ගෙන් අදහස් විමසා තිබිණි.
පුළුල් සමාලෝචනයකින් පසු අදාළ තීරණය අවසන් කිරීම මෙම රැස්වීමේ අරමුණ වී තිබී ඇත.
මේ අතර, ශ්‍රී ලංකා පොලිසිය තුළ පවතින නිලධාරී හිඟය අවම කිරීම සඳහා වෙනත් කාර්ය භාරවලින් නිලධාරීන් යළි අනුයුක්ත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart