
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති දූෂණ නඩුව පවත්වාගෙන යෑමේ හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීම් ඔක්තෝබර් මස 27 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.
විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණේ ඇමැතිවරයකුව සිටි වසර 06ක් ඇතුළත රුපියල් මිලියන 75ක නීතිවිරෝධී මුදල් හා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවකි.
හිටපු ඇමැතිවරයා 2009 ජනවාරි 01වැනිදා සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ප්‍රකාශ නොකළ වත්කම් උපයාගනිමින් මෙම වරද සිදුකර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා චෝදනා කර ඇත.
විමල් වීරවංශ රාජ්‍ය නිලධාරියකු නොව මහජන නියෝජිතයකු බැවින් අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තියේ තර්කය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart