Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක ක්ෂේත්‍රය, හම්බන්තොට විශේෂිත ඖෂධ නිෂ්පාදන කලාපය, තොරතුරු තාක්ෂණ උද්‍යාන, මඩකලපුවේ රෙදිපිළි කලාපය, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය සඳහා ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේ ශක්තිමත් හවුල්කරුවකු වන ලෙස අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් සෞදි අරාබියෙන් ඉල්ලා සිටියේය.
සෞදි අරාබියේ ජාතික දිනය නිමිත්තෙන් පසුගිය අඟරුවාදා සිය පළමු ප්‍රකාශය කරමින් ඇමැතිවරයා කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සෞදි අරාබිය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම අගය කරන බවයි.
“ඉතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සෞදි අරාබි රජය සිය සහයෝගය ලබා දී ඇති බව සටහන් කිරීමට මම සතුටු වෙමි.” යනුවෙන් එම ප්‍රකාශයේ සටහන් වේ.
ජලය, බලශක්තිය, සෞඛ්‍යය, මාර්ග සහ අධ්‍යාපන ව්‍යාපෘති 13ක් සහනදායී කොන්දේසි මත සංවර්ධනය සඳහා සෞදි අරමුදල මගින් 1981 සිට අරමුදල් සපයන ව්‍යාපෘති සඳහා සෞදි අරාබිය විසින් ණය ලබා දීම පිළිබඳ කෘතඥතාව පළ කරන බව ද එහි සඳහන් කර ඇත.
පේරාදෙණිය-බදුල්ල-චෙන්කලඩි මාර්ග ව්‍යාපෘතිය, වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය, අපස්මාර රෝහල සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සහ කළුගඟ වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලින් අරමුදල් සපයන සංවර්ධන ව්‍යාපෘති අතර වන බවත් ඒවා ශ්‍රී ලංකාවේ ජන ජීවිතය නඟාසිටුවීමට දායක වන බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට සෞදි අරාබිය රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් අගය කරන බවද ඔහු කියා සිටියේය.
දැනට, සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ගණන 200,000ක් පමණ වේ.
ශ්‍රී ලංකාවේ පුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රමිකයන්ට සෞදි අරාබියේ රැකියා අවස්ථා සොයා ගැනීමට අවස්ථාව ලබාදෙන නිපුණතා සත්‍යාපනය පිළිබඳ ගිවිසුමකට දෙරට මෑතක දී එළැඹ තිබිණි.
2024 ඔක්තෝබර් 01 වැනිදා සිට සෞදි අරාබිය ඇතුළු රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිත ප්‍රවේශය ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශයට පත්කර ඇති බව ද ඔහු පැවසීය.
“මෙම වීසා රහිත පහසුකම සංචාරක කටයුතු සඳහා මාස 6ක කාලයක් සඳහා වලංගු වේ. එබැවින් ශ්‍රී ලංකාවට පැමිණ එහි පෞරාණික ඉතිහාසය, පොහොසත් සංස්කෘතිය සහ ස්වභාවික සුන්දරත්වය අත්විඳින ලෙස අපගේ සෞදි අරාබි මිතුරන්ට ආරාධනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.” යනුවෙන් විජිත හේරත් ඇමැතිවරයා එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart