
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක විජයි ශංකර් ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.
අද (මැයි 23) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් 35 හැවිරිදි ශංකර් මෙම තීරණය තහවුරු කර සිටියේය.
දේශීය සහ IPL පිටියෙන් සමුගත්තද, ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියටත් රැඳීසිටිමින් විදෙස් විස්සයි20 ලීග් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු එහිදී සඳහන් කර ඇත.
දේශීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම හිටපු ඉන්දීය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2026) තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිල අයිතීන් හිමි IPG සමූහය (The IPG Group) එක්ව සංවිධානය කරන 2026 LPL තරගාවලිය ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 12 කට සහ විස්සයි20 තරග 9 කට ක්‍රීඩාකර ඇති විජයි ශංකර්, 2019 ICC ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කළ ඉන්දීය සංචිතයේද ප්‍රබල සාමාජිකයකු විය.
එමෙන්ම IPL තරගාවලි ඉතිහාසය තුළ චෙන්නායි සුපර් කින්ග්ස් (CSK), ගුජරාට් ටයිටන්ස් (GT), සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් (DD) යන ප්රමුඛ පෙළේ කණ්ඩායම් රැසක් නියෝජනය කිරීමටද ඔහු සමත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart