
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධාන කළ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල අද පැවැත්වුණි.
එහිදී වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහාරි ජයලත්ගේ “ගිරිජා” සම්මානයට පාත්‍ර විය.
ලක්ශාන්ත අතුකෝරල රචිත “හැඟුම් ගඟෙහි හැංඟිලා” වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
වසරේ විශිෂ්ටතම කෙටි කතා සංග්‍රහයට හිමි විද්‍යෝදය සම්මානය හිමි වූයේ විරාජිනි තෙන්නකෝන් රචිත “අන්ධයා සහ සුරුට්ටු න්‍යය” වෙතය.
බන්දුල පී දයාරත්න විසින් රචිත “ටොම්සන් මහත්තයා” වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය විය.
ඩබ්ලිව් රංජිත් ධර්මතිලකගේ “වර්ණ: සන්නිවේදනය හා සංඥාර්ථ” වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රිය කෘතියට හිමි සම්මානය හිමි කරගත්තේය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට විකල්පයක් ලෙස වර්ෂ 2000 ඇරඹි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල, මෙරට විශ්ව විද්‍යාලයක් මගින් පවත්වනු ලබන එකම සාහිත්‍ය සම්මාන උළෙල වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart