
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රහස් පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වේයන්ගොඩ නිවසට පෙරේදා (3) ඇතුළු වී ඔහුගේ නිල ඇඳුමේ උඩ කොටස, එම ඇඳුමට අයත් ආයිත්තම් සහ රන් භාණ්ඩ ඇතුළු දේපොළ සොරාගෙන ගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.
සොරාගත් දේපොළවල වටිනාකම රුපියල් 2,47,500ක් පමණවන බව පොලිස් පරීක්ෂකවරයා පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප පුවත්පත’ට පවසා ඇත.
පොලිස් පරීක්ෂකවරයාගේ නිදන කාමරයේ ඇඳුම් රාක්කයේ එල්ලා තිබූ නිල ලාංඡන සහ එයට අයත් උපාංග සහිත නිල ඇඳුමේ උඩ කොටසට අමතරව පවුම් දෙකක් බර රන්මාලයක්, පෙන්ඩන් එකක්, ගෑස් සිලින්ඩර් දෙකක් සහ රුපියල් 25,000 මුදලක් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක ජනේලයක් කඩා ඒ තුළින් ඇතුළු වී මේවා සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart