January 14, 2026

පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව හෙට (14) ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත්කෙරේ.

ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ^trial at bar& හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග වු නඩුවේ තීන්දුව එලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙලගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කෙරිණී.

2022 මැයි 09 වැනිදා ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලය පැවති දිනයේදී හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ජයන්ත ගුණවර්ධන නමැත්තන්ට පහරදී ඝාතනය කළ බවට පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා තිබිණී.