
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාදාමයට විරෝධය පළකරමින් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් හා පොලිස් නිලධාරීන් අතර අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූ බව වාර්තා වේ.
අල්ලසට දුෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය විසින් මෙම විරෝධතාව පැවැත්වීය.
රජයේ තීරණ සම්බන්ධයෙන් අතෘප්තිය පළකරමින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ වෙත ලිපියක් භාරදීමට විරෝධතාකරුවන් සමත්ව ඇත.
පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන් අත තිබූ බැනරයක් බලහත්කාරයෙන් ගලවා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට උත්සාහ කරන ආකාරයත්, උසස් පොලිස් නිලධාරියකු එක් විරෝධතාකරුවකු සමඟ වාචික වාදයක නිරත වන අයුරු ද වීඩියෝ දර්ශනවල සදහන්ව ඇත.
විවිධ ජනමාධ්‍ය වාර්තා කළද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගෙන තිබේද නැද්ද යන්න පිළිබඳව රජය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් තම පරිහරණය සඳහා තීරුබදු රහිත වාහන ගෙන්වීමට අවසර දෙන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
2020 මහ මැතිවරණයෙන් වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට, ආර්ථික අර්බුදය සහ වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් සුපුරුදු ප්‍රතිලාභය නොලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart