May 24, 2026

මැයි 15 වැනිදාට පෙර විවෘත කරන ලද වාහන ආනයන ණයවර ලිපිවල (LC), එම දිනයෙන් පසුව කිසියම් සංශෝධනයක් හෝ වෙනස්කමක් සිදුකර ඇත්නම්, ඒ සඳහා ද 50% ක රේගු බදු (අධිභාර) බද්ද අදාළ වන පරිදි රජය විසින් මෑතකදී නිකුත් කළ ගැසට් නිවේදනයක් සංශෝධනය කර තිබේ.

මීට පෙර නිකුත් කර තිබූ නිවේදනයට අනුව, මැයි මස 15 වැනිදා හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සඳහා මෙම නව බදු සංශෝධනය අදාළ නොවන බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, මැයි මස 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන ලද නව ගැසට් නිවේදනයට අනුව, මැයි 15 හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපියක පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් එම දිනයෙන් පසුව කිසියම් වෙනස්කමක් සිදුකර ඇත්නම්, ඒ සඳහා ද 50% ක අධිභාරය පැනවෙනු ඇත.

ඒ අනුව පහත දැක්වෙන වෙනස්කම් ඊට අදාළ වේ:

(අ) වාහන සංඛ්‍යාව

(ආ) වාහන හඳුනාගැනීමේ අංකය (Vehicle identification number – VIN)

(ඇ) වාහන විස්තරය

(ඈ) තාක්ෂණික පිරිවිතරයන් (Technical specifications)