
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් වගාවන් විනාශ වී ඇති බැවින් දැනටමත් ඉහළ ගොස් ඇති එළවළු මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට මධ්‍යම පළාතේ ගොවිජන සංවිධාන අනතුරු අඟවා තිබේ.
තම භෝග අස්වනු නෙළීමට නොහැකිවීම සහ තම එළවළු වගාවන්ට පොහොර යෙදීමට නොහැකිවීම පිළිබඳ එළවළු වගාකරුවෝ කණස්සල්ල පළ කළහ.
මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයක එළවළු වගාවන් ගංවතුරින් විනාශ වී ඇති බව ගොවීන් පෙන්වා දී තිබේ.
ඔවුන් පැවසුවේ තක්කාලි, බෝංචි, බටු සහ අමු මිරිස් වගාවන්ට දැඩි ලෙස හානි වී ඇති බවයි.
ගොවි සංවිධාන නියෝජිතයකු වන වයි.එම්.එස්. බණ්ඩාර පවසන්නේ ප්‍රවාහනය බිඳවැටීම හේතුවෙන් පිට පළාත්වලින් පැමිණෙන තොග වෙළෙඳුන්ට ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු මිලදී ගැනීමට නොහැකි වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart