
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උපන්දින සාදයක් පවත්වමින් සිටි වවුනියාව තෝනික්කාල් ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමෙන්, ඉන් අඹුසැමි යුවළක් පිළිස්සී මියගොස් කිහිපදෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 05දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
ජූලි 24 වැනිදා කිසියම් පිරිසක් විසින් නිවසට ගිනි තැබීමෙන් පසු, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වවුනියාව පොලිසිය සහ වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධියෙන් තරුණ අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, කුඩා දරුවන් ඇතුළු නවදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
නිවැස්හිමියා තම දියණියගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් පවත්වමින් සිටියදී පෞද්ගලික ආරවුලක් මත මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනි තබා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 24ත් 33ත් අතර වයස්වල පසුවන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සිද්ධියට යොදාගත් යතුරුපැදි තුනක් ද අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart