
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නියුමෝනියාව වැළඳී අසාධ්‍ය වීමෙන් පසු ප්‍රථමවරට ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ඡායාරූපයක් වතිකානය නිකුත් කර තිබේ.
88 හැවිරිදි පාප්වහන්සේ ඉරිදා උදෑසන රෝමයේ ගෙමෙල්ලි රෝහලේ දෙව්මැදුරේදී ශුද්ධ වූ දිව්‍ය පූජාව පැවැත්වූ බව
ඡායාරූපය නිකුත් කරමින් වතිකානය නිවේදනය කරයි.
එමෙන්ම ශුද්ධෝත්තම පියතුමන්ගේ තත්ත්වය ස්ථාවරව පවතින බව වතිකානු නිලධාරියෙක් ඉරිදා තහවුරු කළේය.
“දවස පුරාම උන්වහන්සේ ශ්වසන භෞතචිකිත්සාව ඇතුළු ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරයි. එමගින් උන්වහන්සේට සුවයක් ලැබී තිබේ. දවල් කාලයේදී ශුද්ධෝත්තම පියතුමන්ට මද වශයෙන් යාඥාවෙන් ගතකිරීමට හැකි විය.”යැයි නිලධාරියා පවසා ඇත.
පසුගිය සතියේ, ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් 266 වැනි පාප්වරයා ලෙස තේරී පත්වී 12 වැනි සංවත්සරය සනිටුහන් කර තිබිණි.
ඒ උන්වහන්සේ රෝහල්ගතව සති හතරක් ඉක්මවා යෑමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart