
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
IMF කොන්දේසිවලට එරෙහි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ මුල්විය යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසා ඇත.
ජනතා විමුක්ති පෙරමුණ සමග එවැනි සන්ධානයක් ගොඩනැගීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය විරුද්ධ නැතැයි ද හෙතෙම ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට සඳහන් කරයි.
රටේ ජනතාව දුකට පත්වී ඇති බවත්, එසේ දුකට පත්වීමට හේතුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) කොන්දේසි බව පැවසූ ඔහු, එය පරාජය කරනවා හැර වෙනත් කිසිම දේශපාලනයක් තිබිය නොහැකි යැයි ද සඳහන් කර තිබේ.
IMF වලට විරුද්ධ කඳවුරේ වැඩිම ජනතා ප්‍රසාදයක් ඇති පක්ෂය ජනතාව විමුක්ති පෙරමුණ බවත්, එම නිසා ජනතාවාදී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට එම පක්ෂය මුල්විය යුතු බවත්, සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart