
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් වසර 34කට පමණ පසු වාසවිලාන්–පලාලි මාර්ගය අද වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ.
සිවිල් යුද්ධය අතරතුර සහ ඉන් පසුව වසාදැමූ මාර්ගය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර ඇති අතර එය හමුදා නිල නිවාස පිහිටි ප්රදේශයක් හරහා දිවෙයි.
දැඩි නීතිරීති සහිතව එය දිනපතා උදේ 6:00 සිට සවස 5:00 දක්වා විවෘතව පවතින නමුත් ඒ ඔස්සේ පදිකයන්ට ගමන් කිරීම, බයිසිකල් පැදීමට සහ බස් හැර බර වාහන ධාවනය තහනම් කර තිබේ.
එම මාර්ගයේ වාහන නැවැත්වීම, ඡායාරූප ගැනීම හෝ වීඩියෝ පටිගත කිරීම සඳහා ද අවසර හිමි නොවේ.
සංචාරකයන් හැඳුනුම්පත රැගෙන ආ යුතු අතර ඔවුන්ට පරීක්ෂා කිරීම් සඳහා මුහුණදීමට සිදුවිය හැකි බව ආරක්ෂක අංශ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart