
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ඊයේ පැවැති පළමු පන්දුවාර 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 04ක තියුණු ජයක් හිමිවිය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19කට ලකුණු 160ක් ලබා සිටියදී දැවිගියේය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 04 ලකුණු 55ක්ව තිබියදි දැවීගිය මොහොතේ පිටියට පැමිණි වනිඳු හසරංග නායකත්වයේ ඉනිමක් දියත් කළේ පන්දු 24කදී අර්ධ ශතකය ලබා ගනිමිනි.
හසරංග සහ සධීර සමරවික්‍රම 05වැනි කඩුල්ලට පන්දු 40කදී ලකූණු 72ක සබදතාවක් පැවැත්වූ අතර සධීර ලකුණු 25කට දැවීගියේය.
වනිඳු හසරංග ලකුණු 67කට දැවීගිය අතර ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 07ක් අන්තර්ගත විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථානයට අවසන් පන්දුවාරදෙක තුළ තරගය ජයග්‍රහණයට ලකුණු 14ක් අවශ්‍යව තිබිණි.
එහිදී වනිඳු ලබාදුන් වගකීම මැනවින් ඉටුකළ මතීෂ පතිරණ 19වැනි පන්දුවාරය තුළ ලකුණු 03ක් පමණක් ලබාදෙමින් කඩුලු දෙකක් බිඳහෙළීය.
අවසන් පන්දුවාර තුළ ලකුණු 11ක් ඇෆ්ගනිස්ථානයට අවශ්‍ය වූ මොහොතේ ලකුණු 06ක් පමණ් ලබාදෙමින් බිනුර ප්‍රනාන්දු එම පන්දුවාරය ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකාවට ජය හිමිකර දෙමිනි.
ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු ඉබ්‍රහිම් සද්‍රාන් නොදැවී ලකුණු 67ක් ලබගත්තේය.
තරගයේ වීරයා වු මතීෂ පතිරණ කඩුලු 04ක් සහ දසුන් ශානක කඩුලු දෙකක් බිඳහෙළූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart