
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාලු කොටුව තුළ පිහිටි ගොඩනැගිලි සියයකට වැඩි ප්‍රමාණයක් විදේශිකයන් විසින් මිලදී ගෙන ඇති අතර, පර්චසයක වටිනාකම රුපියල් මිලියන 22(ලක්ෂ 220ක්) දක්වා වැඩි කර ඇති බව ගාලු උරුමය පදනම පවසයි.
මෙලෙස ඉඩම් අයිතිය වෙනස්වීමත් සමඟ 3000ක් පමණ සිටි කොටුව තුළ ජනගහණය 1000ක් පමණ දක්වා අඩුවී ඇත.
ගාලු උරුමය පදනමට අනුව ඉඩම් සහ ගොඩනැගිලි තැරැව්කරුවන් විසින් වංචනික ලෙස විකිණීම හේතුවෙන් දේපළ මිලදී ගෙන ඇති ඇතැම් විදේශිකයෝ ගැටලු රැසකට මුහුණ පා සිටිති.
ගාලු කොටුවේ පර්චස් එකක මිල අධික වීම නිසා නව ආයෝජකයන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද ගාලු උරුමය පදනම පෙන්වාදෙයි.
රජයේ ආයතන මගින් පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි 450ක් පමණ කොටුව තුළ ඇති බවත්, ඉන් 100කට වැඩි ප්‍රමාණයක් විදේශිකයන් විසින් සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා මිලදී ගෙන ඇති බවත් පදනමේ නිලධාරියෙක් පැවසීය.
මෙම ගොඩනැගිලි ලන්දේසි සහ ඉංග්‍රීසි යුගවලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත වේ.
(dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart