
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කේප් කැනවරල් ප්‍රදේශයෙන් පෞද්ගලික අභ්‍යවකාශ යානයක් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්සවීමේ අරමුණින් අභ්‍යවකාශගත කර තිබේ.
Odysseus අභ්‍යවකාශ යානයේ මෙහෙයුම සාර්ථක වුවහොත් එහි හිමිකාරීත්වය දරන Intuitive Machines සඳ මතට ගොඩබසින ලද පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසගත වනු ඇත.
එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා විසින් පහසුකම් සපයන දෙවැනි වාණිජ මෙහෙයුම මෙය වේ.
සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ජල මූලාශ්‍ර තිබිම අභ්‍යවකාශ යානය දක්ෂිණ ධ්‍රැවයට යොමුකිරීමට හේතු වී තිබේ.
මෙම යානය එලොන් මස්ක්ගේ SpaceX සමාගම විසින් සාදන ලද Falcon 9 රොකට්ටුවක් මතින් දියත්කර ඇත.
යානයේ ලෑන්ඩරය ඉන්ධන සඳහා ද්‍රව මීතේන් සහ ඔක්සිජන් මිශ්‍රණයක් භාවිත කරනු ලබන බව පැවැසේ.
Intuitive Machines මාර්තු මාසයේදී සඳ වෙත තවත් අභ්‍යවකාශ යානයක් යැවීමට බලාපොරොත්තු වන අතර, එමගින් භූගත අයිස් සොයා ගැනීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart