
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 30% නව තීරුබදු සමග අමෙරිකාවට මෙරටින් සිදුකෙරෙන සාමාන්‍ය ඇඟලුම් අපනයන සඳහා ගාස්තුව ආසන්න වශයෙන් 42% දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් එම තීරුබදු අගය තවදුරටත් පහතහෙළීම සඳහා සාකච්ඡා සඳහා තවදුරටත් ඉඩකඩ පවතින බව බලධාරීහු පවසති.
මේ අතර ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පැවසුවේ, අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ප්‍රකාශයට පත්කර ඇති 30% තීරුබදු දැනට පවතින ඇඟලුම් තීරුබදුවලට වඩා ඉහළින් පවතින බවයි.
එක්සත් ජනපද ඇඟලුම් අපනයන තීරුබදු HS කේත මත පදනම්ව 0-25% දක්වා වෙනස්වන බවත්, වඩාත් ජනප්‍රිය අපනයන සඳහා 12.5 -13% තීරුබදු ඇති බවත්, එබැවින් සාමාන්‍ය ඇඟලුම් අපනයන ගාස්තු අගෝස්තු 1 සිට 42% දක්වා ඉහළ යන බවත් ඔහු පැවසීය.
එක්සත් ජනපද ඇඟලුම් අපනයන සඳහා කලාපීය තරඟකරුවන් අතර ප්‍රධාන වශයෙන් ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය සහ කාම්බෝජය සිටියි.
ඒ අතරින් වියට්නාමයට දැනටමත් 20% සහ බංග්ලාදේශයට සහ කාම්බෝජයට පිළිවෙලින් 35% සහ 36% ක තීරු බදු පනවා ඇති අතර ඉන්දියාව තවමත් මුලින් පනවා ඇති 26% ක් වූ තීරු බදු සංශෝධනය සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ඔහු පෙන්වාදුන්නේය.
මේ අතර ජනමාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියාසිටියේ ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව පිළිගන්නා නමුත් ඉදිරියේදී එය වර්ධනය කර ගැනීමට අවශ්‍ය බවයි.
ගෝලීය වශයෙන් පවතින තරඟකාරිත්වය අනුව ශ්‍රී ලංකාව මේ වනවිට සිටින ස්ථානය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව ද ඔහු පැවසුවේය.
එක්සත් ජනපද ආනයන සඳහා ප්‍රතිචාර ලෙස පෙරළා තීරුබදු පැනවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා නොකරන බව පැවසූ ඔහු, මෙරට ආර්ථිකයට අමෙරිකානු තීරුබදු වලින් කම්පනයක් ඇති වේ දැයි මෙතෙක් නොදන්නා බවත් එය ගෝලීය සංසිද්ධියක් බැවින් රැකියා අහිමිවීම් තක්සේරු කිරීම සඳහා ඉක්මන් වැඩි බවත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart