
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ (Digitally) අත්සන් තබා ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය සහ ධවල මන්දිරය තහවුරු කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි ප්‍රකාශ කරන්නේ දෙරටේ සාකච්ඡා කණ්ඩායම් ලබන සිකුරාදා ජිනීවා නුවරට රැස්වන බවයි. කෙසේ වෙතත්, මෙම ලේඛනය ඩිජිටල් ක්‍රමයට අත්සන් කර ඇති බැවින් ස්විට්සර්ලන්තයේදී භෞතිකව ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයක් නොපැවැත්වෙනු ඇත.
ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දෙපාර්ශවයම අවසන් එකඟතාවයකට පැමිණිය යුතු, දැනට ක්‍රියාත්මක වන දින 60 ක සාකච්ඡා කාලසීමාව දැඩිවම බලපැවැත්වෙන අවසන් දිනයක් නොවන බව ට්‍රම්ප් පවසයි.
එහෙත්, ඉරානය මෙම අවබෝධතා ගිවිසුමට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත්, ඉරානයට “දරුණු ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරන” බවට ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
ඇමරිකානු නිලධාරීන් පවසන පරිදි, ඉරානය සඳහා යෝජිත ඩොලර් බිලියන 300 ක අරමුදල සමන්විත වන්නේ ඉරානයේ අසල්වැසි රටවල් විසින් ලබාදෙන මුදල්වලිනි. එම මුදල් ඉරානයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු කටයුතු සඳහා භාවිත කිරීමට නියමිතය.
කලාපීය හවුල්කරුවන් තම රට තුළ ඩොලර් බිලියන 300 ක් ආයෝජනය කරනු ඇති බවත්, එම අරමුදල්වලින් කොටසක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන්කර ඇති බවත් ඉරානය ද තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart