
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 වසරේ ‘අරගලය’ හෙවත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේදී ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් කිරීමට එක්සත් ජනපදය කුමන්ත්‍රණයක් දියත් කරන ලද බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් එල්ල කරන ලද චෝදනාවලට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය පිළිතුරු ලබාදී තිබේ.
“ප්‍රබන්ධ” ලෙස නම් කළ යුතු පොතක, මන්ත්‍රීවරයකු විසින් පදනම් විරහිත චෝදනා එල්ල කර, අමූලික බොරු පතුරුවා හැරීම ගැන තමන් කලකිරීමට පත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් ප්‍රකාශ කරයි.
“වසර 75ක් තිස්සේ, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය සඳහා කැපවීම් බෙදාගෙන ඇත. හවුල්කාරිත්වයක් සහ අනාගතයක් අපි එකට ගොඩනඟමු,” ඇය තවදුරටත් පවසා තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වූ බවට චෝදනා කරමින් විමල් විරවංශ මන්ත්‍රීවරයා පොතක් රචනා කර ඇති අතර, එම පොතේ එක්සත් ජනපදයටද අදාළ කුමන්ත්‍රණයේ කොටස්කරුවකු ලෙස චෝදනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart