
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ මීළඟ එක්සත් ජනපද තානාපතිනිය වීමට නම්කර ඇති එළිසබෙත් කේ.හොර්ස්ට් (Elizabeth K. Horst) පවසා ඇත්තේ තමන් එම තනතුරට පත් කළහොත් ශ්‍රී ලංකාවේ පිඩාවට පත්ව ඇති ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට අපේක්ෂා කරන බවයි.
දිවයිනේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද රජය දක්වන සැලකිල්ල කෙරෙහි තමන් සම්පුර්ණ අවධානය යොමුකරන බවද ඇය සඳහන් කර ඇත.
“ශ්‍රී ලංකාවේ ප්‍රබෝධමත් සිවිල් සමාජයක් ඇති අතර, තනතුර තහවුරු වුවහොත්, ශ්‍රී ලාංකික ඇමරිකානු ප්‍රජාව ඇතුළුව අපගේ ජනතාවන් අතර සබඳතා පුළුල් කිරීමට මම බලාපොරොත්තු වෙමි. ශ්‍රී ලංකාවේ ආන්තික ජනතාව, වගවීම, සත්‍යය සහ සංහිඳියාව හා විනිවිදභාවය සහ යුක්තිය යන ක්ෂේත්‍ර වලට මම සහාය දෙන්නෙමි.’ යැයි එළිසබෙත් කේ.හොර්ස්ට් වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart