
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාව වෙනුවෙන් විස්සයි20 අන්තර්ජාතික තරග බිමේ වැඩිම වාර ගණනක් ලකුණු 50 සීමාව පසු කළ පිතිකරු බවට පත්වෙමින් පැතුම් නිශ්ශංක ඊයේ රැස්කළ අර්ධ ශතකය හේතුවෙන් හොංකොං පිලට එරෙහිව පැවති ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට ශ්රී ලංකාව සමත් විය.
ඩුබායි අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් හොංකොං පිල දුන් ලකුණු 150ක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා පිල කඩුලු 6ක් දැවී තිබියදී ජය හිමිකර ගත්තේ පන්දු 7ක් ද ඉතිරි කරගනිමිනි.
ශ්රී ලංකාව සහ හිටපු ශ්රී ලංකා ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා පුහුණුකරු ලෙස කටයුතු කරන හොංකොං පිල හමුවූ පළමු අවස්ථාව මෙයයි.
මේ තරගයත් සමඟ හොංකොං පිල ජයග්රහණයකින් තොරවම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවිය.
ශ්රී ලංකා පිළිතුරු ඉනිමේදී පැතුම් නිශ්ශංක ලකුණු 8ක් ලබාසිටියදී දෙවැනි ඕවරයේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ බවට විනිසුරු තීරණය කළත්, එම තීරණයට අභියෝග කිරීමෙන් පැතුම් තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත විය.
උඩපන්දු 4ක් ගිලිහී යෑමෙන් ද උපරිම ප්රයෝජනගත් පැතුම් මේ තරගාවලියේදී පිට පිට දෙවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 68ක් රැස් කරමින් ශ්රී ලංකා ජය මාවත විවර කළේය.
කුසල් මෙන්ඩිස් (11) සමඟ පළමු කඩුල්ලට ලකුණු 26ක්, කමිල් මිෂාර (19) සමඟ දෙවැනි කඩුල්ල ලකුණු 36ක් සහ තෙවැනි කඩුල්ලට කුසල් පෙරේරා සමඟින් එක්ව පන්දු 34කින් ලකුණු 57ක් රැස් කළ පැතුම් ඊයේ වාර්තා කළේ 17 වැනි විස්සයි20 අර්ධ ශතකයයි.
මේ සමඟ ශ්රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික විස්සයි20 පිටියේ වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 50 සීමාව පසු කළ පිතිකරු බවට ඔහු පත්විය.
මුළු ලකුණු 119දී පැතුම් දැවී යන විට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 68ක් රැස් කර තිබුණේ පන්දු 44ක් පමණක් වැය කරමිනි. පැතුම්ගේ දැවී යෑමත් සමඟ තවත් කඩුලු 3ක් ලකුණු 8ක් තුළ දවා ගැනීමට හොංකොං පන්දු යවන්නෝ සමත්වූහ.
එහිදී කුසල් පෙරේරා (20), නායක චරිත් අසලංක (2) සහ කමිඳු මෙන්ඩිස් (5) දැවීගිය පිතිකරුවන් බවට පත්විය.
වනිඳු හසරංග පන්දු 9කදී නොදැවී ලකුණු 20ක් රැස් කරමින් ශ්රී ලංකා ජය තහවුරු කළ අතර, දසුන් ශානක නොදැවී ලකුණු 6ක් රැස්කර ගෙන සිටියේය.
මේ තරගයේදී ශ්රී ලංකා පිල එක් වෙනසක් සිදුකරමින් මතීෂ පතිරණ වෙනුවට මහීෂ් තීක්ෂණ කැඳවා තිබිණි.
ශ්රී ලංකා පිල සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අනිද්දා (18) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වේ.
හොංකොං – 149/4 (ඕවර 20)
නිසාකත් ඛාන් නොදැවී 52, අන්ෂි රාත් 48, සීෂාන් අලි 23 (දුෂ්මන්ත චමීර 29/2, දසුන් ශානක 5/1, වනිඳු හසරංග 27/1)
ශ්රී ලංකාව – 153/6 (ඕවර 18.5)
පැතුම් නිශ්ශංක 68, කුසල් ජනිත් 20, වනිඳු හසරංග නොදැවී 20, කමිල් මිෂාර 19, කුසල් මෙන්ඩිස් 11 (යසිම් මුර්ටාසා 37/2, එෂාන් ඛාන් 25/1, අයිසස් ඛාන් 27/1, අයුෂ් ෂුක්ලා 30/1)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart